වසර එක් දහස් නවසිය හැට හතර ජපානයෙ ටෝකියෝ අගනුවර ඔලිම්පික් තරග අතර මිටර දස දහස දුර ධාවනය ඉසව්ව ඇරඹුනේය. ධාවන පථයෙ වටරවුම් කැරකෙන තුරඟුන් ලෙස දුවන අන් තරග කරුවන් අතර එක් මිනිසෙකු සිටියේය. සංඥාව වෙඩි හඬ මැදින් තරඟය ආරම්භ
විය.
පළමු තැන දිනූ ඇමරිකන් ක්‍රීඩක බිලී මිල්ස් අවසන් කළේය. තරගය ජයගත් දෙවැන්නන් තුන් වැන්නන්ද අවසන් කළ අතර අත් හැර දැමුවෝය. එහෙත් සෙස්සන් එකකු හැර ඔහු වීය. ඔහු නමින් ආර්. කරුණානන්දය. පැමිණි කාරිය නිම කරන්නට ඔහුට තවත් වට හතරක්
ම ඉතිරි වී ඇත.
ඔහු නොනොවතී දිව ගියේය. එක් වටයක්
ම ප්‍රේක්ෂක අවලාද අපහාස අතර මැද දුවන විට ප්‍රේක්ෂාගාර දෙවැනි වටයේදී නිහඬ විය. තෙවැනි වටය පටන් ගැන්මේදී උණුසුම්
වූ ප්‍රේක්ෂාගාරය එකම හඬකින් "කමෝන් සිලෝන් !!" හඬ නැගුවේය. අවසන් කරන කල වට හතර සමඟින් සියල්ල ම හුනස්නෙන් ගරු කරන්නට විය. කුඩා මිනිසෙකුගෙ ඒ විසල් දිරිය සැමට විරුවෙක් විය. කෙළිබිමට සිරිලක අප්‍රකට වී නමුත් මොහොතකින් සිරිලක ජත්‍යන්තරයේ ඔසවා තබන්නට ඔහුට හැකි විය.
ඔහු ජපන් පාසල් පෙළපොත් ද අතරට පාඩමක් වීය. උගනින්ට දරුවන්ට අවසන පළමු තැන දිනූ බිලී මිල්ස් මෙසේ පැවසී ය " මා නොවෙයි දිනුයේ කරුණානන්දම ය" අපේ වුවමනාව ද කෙළිබිමෙන් එවන් මිනිසුන් බිහිකෙරුමට ය.
නින්දා අපහාස අවලාද දරාගෙන හරි දේ කරන්නට ඇරඹූ යමක් අත් නොහැර අදිටනින් දිරියෙන්
පිරිපුන්ව ඉදිරිය වෙත ම ඇදෙන්නට ජය සහ පරාජය සම සිතින් දරාගන්නට හැකි නැවුම් පරපුරක් කෙළිබිමෙන් දොරට වැඩුමට ය.
ක්‍රීඩයකයනි, ගුරුවරුනි, උපදේශකයනි, නිලදරුවනි, වෙදැදුරනි, නරඹන්නනි, හිත මිතුරු සියල්ලනි, මේ අවකාශය ඔබට ය. අත් දැකීම් බෙදාගන්නට නවමු මං පෙත් සොයා යන්නට දැනුම ගන්නට දැනුම දෙන්නට ක්‍රීඩාව වසාගත් පිළිලයන් හෙළිදරව් කරනට කෙළිබිමට අරුණළු ගෙනෙන්නට සටන් වදින්ට ජය ලබන්නට ඔබට බාර ය.
No comments:
Post a Comment