Friday, November 2, 2012

ක්‍රිකට් නම් ක්‍රිකට්



අජන්ත මෙන්ඩිස් තමන් සතු ලෝක වාර්ථාව අලූත් කරමින් සිම්බාබ්වේ සමගවූ පළමු තරගය ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහනය කරදීමට කළ සමත්කම මෙවර විස්සයි විස්ස ලෝක ක‍්‍රිකට් කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා ගැනීම සම්බන්ධයෙන් සුබ පෙර නිමිති පහල කිරීමකි. පසුගිය කාලයේ අබාධ හේතුවෙන් දුර්වලව සිටි අජන්ත මෙන්ඩිස් මෙම තරගාවලිය අරම්භයට පෙර ම කීවේ තමන්ගේ සුපුරුදු දක්ෂතා මෙම තරගාවලියේදී දකින්නට හැකිවනු ඇති බවය. පන්දු ඕවර 4කදි නිලකුණු ඕවර 2ක් සමග ලකුණු අටකට පමණක් ප‍්‍රතිවාදීන් සීමාකර කඩුළු අටක් ලබා ගැනීමට පෙරාතුව තිබු ලෝකයේ හොඳම පන්දු යැවීම වූයේ ඕවර 4කදී ලකුණු 16ක් ලබාදී කඩුළු 6 ක් දවා ගැනීමය.
2009 වසරේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඒ දක්ෂතාවය පෑවේද අජන්ත විසින්මය.

ශ‍්‍රී ලංකාවද ඇතුළුව ආසියානු කලාපයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුගිය වසරක දෙකක කාලයක පටන් පැවැතියේ යම් පසුබෑමකය. විශේෂයෙන්ම දශකයකට වැඩිකාලයක් පුරා ක‍්‍රිකට් ලෝකයේ අණසක පැතිර වූ අති දක්ෂ ක‍්‍රීඩකයන් ක‍්‍රිකට් වලින් සමු ගැනීම ඒ තත්ත්වයට වඩාත් බලපෑ බව මේ ගැන විශ්ලේෂණයක් කළ ඉන්දීය ආයතනයක් පෙන්වාදී තිබිණි. සනත් ජයසූරිය.
මුත්තයියා මුරලිදරන්,රාවුල් ඞ්රාවිඞ්,ඉන්සමම් උල් හක්,අනිල් කුම්ලේ, සව්රොව් ගංගුලි වැනි ක‍්‍රීඩකයින් පසුගිය කාලයේ ක‍්‍රීඩාවින් සමු ගත්හ.
මේ නිසා අලූත් දක්ෂ ක‍්‍රීඩකයන් මතුවිය යුතුව පැවැතීම මේ ක‍්‍රීඩා තරගාවලිය සම්බන්ධයෙන් ආසියානුවන්ට වැදගත්ය.
ඒ කෙසේ නමුත් විස්සයි විස්ස තරග රටාවේ පවතින අවිනිශ්චිතතාවය හමුවේ ක‍්‍රීඩකයන්ගේ හා කණ්ඩායම්හි දක්ෂ අදක්ෂ තාවයන්ට වඩා එම පැය එකහාමාර තුළ වඩාත් උපක‍්‍රමශීලී හා ජවසම්පන්න වන කණ්ඩායම ජය ලැබීමේ සම්භාවිතව වැඩිය.
විස්සයි විස්සේ ඇති තරගකාරිත්වයේ ආකර්ශනීය බව රැුඳී ඇත්තේද මෙතැනය.
මෙහිදී කතා නොකර අත් නොහැරිය හැකි අනෙක් කරුණ නම් විස්සයි විස්ස නූතන තරගකාරී වෙළඳ පොළ යාන්ත‍්‍රකණයට හරියටම හරියන ක‍්‍රීඩාවක් බවට පත්වීමය. මේ වෙළදපොළ ක‍්‍රමය තුලදී ක‍්‍රීඩාව ක‍්‍රීිඩාමය නොවන වෙනත් දෙයක් බවට පත්වීමේ හොඳම ප‍්‍රකාශනය මේ විස්සයි විස්සය.
අද මහත්වරුන්ගේ වැදගත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව පේමන්ට් එකෙන් ලාබට ගත හැකි විස්සෙ කැල්ලක් බවට පත්ව ඇත.
ඒ ගැන සිත රිදවා ගතයුතු නොවන්නේ ඒ යතාර්තය වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැතිව අපට මේ ක‍්‍රිකට් විඳින්නට බල කර ඇති නිසා නොවේනම් අප එයම ඉල්ලා සිටින නිසාය. එය වෙනම සාකච්ඡුා කළ යුතුව ඇත්තකි.
ක‍්‍රිකට් ගැන කතා කරන විට අපට තවමත් ඒ ක‍්‍රීඩාවක් පමණක් වීම තුළ, ක‍්‍රීඩාවේ දේශපාලනය නොවැටහීම පුදුමයක් නොවේ. අප යොජනා කරන්නේ ක‍්‍රීඩාව විඳින්නට මෙන්ම එහි දේශපාලනයද අවබෝධ කරගැනීමට ක‍්‍රීඩා ලෝලියා සමත් විය යුතු බවය.
එසේ නොවුනහොත් වන්නේ ක‍්‍රීඩාව තමාටත් නොදැනීම තමාගේ පීඩකයා බවට පත් වීමය. වෙනත් විදියකින් කිවහොත් අද අජන්ත මෙන්ඩිස් කඩුළු හයක් ගනිද්දී ඇසෙන ප‍්‍රීති ඝෝෂාවට ‘මේ සමාජයෙන්ම ජීවිතය ඉල්ලා මොර දෙන තමාගේම හඬ’ වුව තමාටම නො ඇසීයාමට හැකි ඉඩක් තිබෙන බවය.

ජනරළ පුවත්පත ඇසුරෙනි

No comments:

Post a Comment