Sunday, December 2, 2012

ක්‍රීඩා නිළධාරීන්ගෙන් මහින්දානන්ද ගුටි නොකා බේරෙයි


පසුගිය30 වැනි දින ආරම්භ වූ 38වන ජාතික ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උත්සවය අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පළාත් ක්‍රීඩා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර පහර දීමට ගත් උත්සාහයේදී ක්‍රීඩා නිලධාරීන් විසින්ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහය වැලැකී ගියේ අනූ නවයෙනි.
ඒ ඇමැතිවරයාගේ ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු විසින් ඇමැතිවරයාගේ බ්‍රේක් නැති කට වසා සංසුන් කිරීම නිසාය. එසේම මෙම ප්‍රශ්නය සාකච්ඡා කොට විසඳා ගමු යැයි ආරක්ෂකයින් ක්‍රීඩා නිළධාරීන්ගෙන් ආයාචනය කරද තිබේ. එසේ නොවන්නට පළාත් ක්‍රීඩා නිළධාරීන් 425 දෙනෙකුගෙන් ගුටි කෑමට ක්‍රීඩා ඇමතිවරයාට සිදු විය හැකිව තිබිණි..

මෙම ගැ‍ටුමට මුල් වූයේ වසර ගණනාවක් ‍තිස්සේ ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඇතුලු වෘත්තීමය ගැටලු කිහිපයක් විසඳීම දිගින් දිගටම මඟ හැරීමට විරෝධය පා සමාරම්භක උත්සවය අවස්ථාවට ක්‍රීඩා නිලධාරීන් පළාත් ධජය යටතේ ගමන් කරනවා වෙනුවට ටයි සහ කෝට් නොමැතිව සාමාන්‍ය ඇදුමින් ඔවුන් විසින් සාදාගත් පළාත් ක්‍රීඩා එකමුතුව සංවිධානයේ බැනරයක් යටතේ පෙළපාලියේ ගමන් කිරීමට තීරණය කිරීම හේතුවෙනි. එහිදී මහින්දානන්ද අමාත්‍යවරයා ක්‍රිඩා නිලධාරීන්ට එම උත්සවසභාවට ඇතුළු නොවන ලෙස තර්ජනය කර ඇත.
කෙසේවෙතත් ක්‍රීඩා නිලධාරීන් පවසා ඇත්තේ තමන් පිටව යන්නේ නම් තමන් සමඟ තරඟ සදහා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද රැගෙන යන බවයි. එහිදී කුපිතවූ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ක්‍රීඩා නිලධාරීන්ට පරුෂ වචනයෙන් තර්ජනය කර ඔවුනට පහරදීමට පැමිණ ඇති අතර ඔහුගේ ආරක්ෂකයින් විසින් පසුව ඔහු එම ස්ථානයෙන් ඉවතට රැගෙනගොස් තිබේ. නමුත් අවසානයේ ක්‍රීඩා නිළධාරින් තමන් සැලසුම් කළ පරිදිම එම කටයුත්තේ යෙදුනහ. මෙම සමාරම්භක උත්සවය සඳහා ජනාධිපතිවරයාද පැමිණ සිටි නමුත් වචනයකු නොදොඩා ඔහු යන්නට ගියේ ඔහුගේ ඉතිහාසයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණ අපහාසයක් විඳ ගිය පළමු උත්සවය ලෙස සනි‍ටුහන් කරමිණි.
මේ සම්බන්ධයෙන් පළාත් ක්‍රීඩා නිළධාරීන්ගෙන් කළ කරුණු විමසීමේදී ඔවුන් සිය වෘත්තීමය ගැටළු ගණනාවක් ඉදිරිපත් කළහ. මේ වන විට අන්තර් පළාත් ක්‍රීඩා එකමුතුව නමින් මෙම ක්‍රීඩා නිළධාරීන් 425 දෙනාම වෘත්තීමය සංවිධානයක් වෙත ගොනු වී සිටී.
වැ‍ටුප් විෂමතා ඉවත් කිරීම.,පළාත් ක්‍රීඩා අධක්ෂ තනතුරට පරිපාලන සේවයේ නිළධාරීන් නොයොදා ක්‍රීඩාව ගැන දන්නා ක්‍රීඩා නිළාධාරීන්ගෙන් එම තනතුර පි‍රැවීම, මෙන්ම පළාත් ක්‍රීඩා නිළධාරියා ලෙස තමන්ගේ වෘත්තීමය පෞර්ෂය ආරක්ෂා වන ලෙසත් ‍රැකියාවේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමටත් රේඛීය අමාත්‍යාංශය කටයුතු කළයුතු වීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් ලෙස ඉදිරිපත් කෙරෙති. පළාත් තමන්ගේ ඉල්ලීම සඳහා කඩිනම් ප්‍රතිචාර නොදක්වන්නේ නම් මෙතැනින් එහාට ගිය වෘත්තීමය ක්‍රියා මාර්ගයක් ගන්න බවත් ඔවුන් පැවැසීය.
රටේ ක්‍රීඩාව ගොඩනැංවීමෙහිලා ප්‍රමුඛතම මෙහෙවර කරනුයේ මෙම ක්‍රීඩා නිළධාරීන්ය. ජනප්‍රිය අධිපති තලයේ කිසිදු ජනමාධ්‍යකට ඔවුන්ගේ මෙහෙවර නොපෙනේ. 1972 දී මෙම ක්‍රීඩා නිළධාරී තනතුර නිර්මාණය කිරීමෙන් පසුව ඉතා නිහඬව අතිශය වැදගත් කමකින් යුතු මෙහෙයක් ඔවුන් විසින් ඉ‍ටු කරනු ලැබුවද එය කිසිදා ඇගයිමකට කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නොමැත.1972 දී ගුරු සේවා,රාජ්‍ය බැංකු සේවා නිලධාරියෙකුටත් වඩා ඉහළ වැ‍ටුප් තලයක පිහි‍ටුවා මෙම ක්‍රීඩා නිලධාරී තනතුර ඇති කළද අද වන විට ඔවුන් ලබන්නේ කම්කරු වැ‍ටුපකි. ඒ රුපියල් 13,260 ක පමණ වේ. ලැබිය හැකිව තිබේන ඉහලම වැ‍ටුප 15,900 කි. විශේෂයෙන්ම පළාත් සභා සඳහා මෙම නිළධාරීන් 1989 දී අනුයුක්ත කිරීමෙන් පසුව ඔවුන්ට රාජ්‍ය සේවකයන් ලෙස ලැබිය යුතු වෘත්තීමය වරප්‍රසාදයන් අහිමි විය. 2006 ගෙන ආ නව චක්‍ර ලෙඛයකින් ක්‍රීඩා නිළධාරියා තාක්ෂණික නොවන කාණ්ඩයට ඇතුලත් කිරීමෙන් ඉහල වැ‍ටුපකට ඇති අවස්ථාව අහිමි කරනු ලැබීය.
ක්‍රීඩාවට ඇති ආදරය නිසාම මේ තත්වයන් දරාගෙන සිය රාජකරිය දශක ගනනාවක් තිස්සේ කරගෙන ආ ක්‍රීඩා නිලධාරියා සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට හඬ නැගුවේ මෙවරය.
ජාතික ක්‍රීඩා උළෙල දක්වා ග්‍රාම සේවා මට්ටමින්,දිස්තික් මට්ටමින්,පළත් මට්ටමින් ක්‍රීඩා තරග සංවිධානය කර රටේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට හඳුන්වා දෙන මෙම නිළධාරියා ඇමැති මහින්දානන්දට අනුව නිකම් පඩි කක ඉන්නා වැදගැම්මකට නැති නිළධාරියෙකි. ගොබ්බ ඇමැතිවරයා නොදන්නවාට පළාත් ක්‍රීඩා නිළධාරියාගේ රාජකාරී පැවැරුම් ඉතා දිගු එකකි. එය විශාල වපසරියක් පුරා පැතිර පවතින්නකි. එහෙත් ඔහුගේ රාජකාරී සීමව එතැනින් නවතින්නේද නැත. සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටින ලේකම්වරයා හැරුණු විට වගකීමක් ඉසිළිය හැකි නිලධාරියා මෙම ක්‍රීඩා නිළධරියා බව ලේකම් කාර්යාල වල වැඩ කරන් ඕනෑම් කෙනෙක් දන්න සත්‍යකි. එමෙන්න්ම වඩාත් කාර්යශූර නිළධාරියාද ඔහුම වේ. මේ නිසාම තමන්ගේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අමතරව අනෙකුත් වැඩ රාජකාරී විශාල ප්‍රමාණයක් ඔහුවෙත පැවැරී තිබේ. උදාහරණයකට කිව හොත් දිවි නැගුමේ ඇට බෙදන්නටත්, ඇට පැලවී ඇත්දැයි සොයන්නටත්, ඒවාට වතුර දමනවද යන්න සොයන්ටත් බොහෝ විටම ගමරට පුරා ඇවිදින්නට වී ඇත්තේද මේ නිලධාරියාටමය.
ජාතික ක්‍රීඩා උළෙලින් හෝ ජාත්‍යන්තර තරගයකදී ක්‍රිඩකයන් ලබා ගන්නා පදක්කමට නැති අයිතිවාසිකම් කියන මේ කටවාචාලකමට ගොබ්බ කතා කියන ඇමැතිවරයා තමන් වටා සිටින හොර තක්කඩි නිළධාරීන්ට සලකන ආකාරයෙන් අංසු මාත්‍රයකවත් සැලකීමක් මේ ක්‍රීඩා නිළධාරීන්ට නොදක්වන බව අපට ඇස් පණා පිටම දකින්නට ලැබුණි. ඒ මෙවර ක්‍රීඩා උළේලට පැමිණි පළාත් ක්‍රීඩා නිළධාරීන් 425ට නවාතැන් හා ආහාර පහසුකම් ලබා දී තිබු ආකාරයෙනි. කොළඹ අසෝක විද්‍යාලය නවාතැන් සඳහා ලබා දී තිබුනේ මේ ක්‍රීඩා නිළධාරියාව ඌරෙකු ගානට ඇද දමාය. වතුර වැසිකිලි පහසුකම් නිදා ගැනීමේ පහසුකම් ආහාර( ඒ ලැබෙන්නේ හවස දෙකෙන් පසුවය) ලබාතිබු ආකාරය ගැන ඇමැතිවරයා ලජ්ජා විය යුතුය.
කෙසේ නමුත් තමන්ගේ වෘත්තීය ඉල්ලීම් සඳහා සාර්ථක ප්‍රතිචාරයක් දැක්වීමට ඇමැතිවරයා මඟ හරින්නේ නම් මීලඟ ජාතික ක්‍රීඩා උළෙළ වර්ජනය කිරීමට මෙම ක්‍රීඩා නිළධාරීන් මේ වන විටත් තීරණය කර හමාරය. ඇමතිවරයා මේ ගැටලුව විසඳීම සඳහා රාජපක්ෂවරුන්ගේ තක්කඩි න්‍යායම යොදා ගැනීමට උත්සාහයක්ද ගෙන තිබිණි. ඒ මෙම වෘත්තීය එකමුතුවේ ප්‍රධානින් කිහිප දෙනෙකුට එංගලන්තයේ සංචාරයක් යෝජනා කිරීමය. එය අලුයම ලූ කුණු කෙළ පිඩක් සේ ප්‍රතික්ෂේප කර ඇති නිළධාරීන් කියා ඇත්තේ තමන්ගේ වෘත්තීය ප්‍රශ්නයට විසදුම් මිසක් සංචාර අවශ්‍ය නැති බවය.
ක්‍රීඩා නිළධාරීන් යනු ඇමැතිවරයාමෙන් අධ්‍යාපනයක් නොළත් ක්‍රීඩාව ගැන නොදත් නිකම්ම නිකම් නිළධාරීන් පිරිසක් නොවේ. ඔවුන් අතර ජාත්‍යන්තර මට්ටමින් ලංකාවට පදක්කම් ගෙන දුන් හිටපු ක්‍රීඩකයන් වෙති, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ පුහුණුකරුවන් වෙති, ක්‍රීඩාවේ තක්ෂණික අංශයේ ප්‍රවීණයන් වෙති. ක්‍රීඩා අංශයේ විදේශීය පුහුණුව ලැබූ නිළධාරීන් ගන්නාවක් වෙති.විශ්ව විද්‍යාල උපාධිධාරින්ද ඒ අතර වෙති. උසස් ‍රැකියා අතහැර මෙම තනතුරට පැමිණී අයද සිටිති. ක්‍රීඩා නිළධාරියකු වීමේ සුදුසුකම් සඳහා ඔවුන් ලබන පුහුණුව,අධ්‍යාපනය විශ්ව විද්‍යාල මට්ටමේ වෙති. එහෙත් 2018 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වන්න්ට කට මැත දෙඩූ ඒ වෙනුවෙන් කෝටි ගණනක් මුදල් නාස්ති කළ රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට ගෙවනු ලබන්නේ කම්කරුවාගේ වැ‍ටුපය. ඇමැති ගොබිලාට අනුව මේ වැඩකට නැති පිරිසකි.
උපුටා ගැනීම
www.srilankaxnews.com

No comments:

Post a Comment