Saturday, December 1, 2012

ඉවරයක් වෙන්න ගහනව නම් ක්‍රැව් මගා වලින් ගහන්න


ආත්මාරක්ෂක සටන් කලා අතරින් ලොව බිහිසුනුම සටන් කලාව  කුමක්ද යන්න ගැන  විමසුවොත් කට අගට එන සටන් කලාවන්  කිහිපයක් තිබේ. ඒ  වුෂු, කරාටේ, බොක්ෂිං යනාදී වශයෙනි.  කෙනෙකුට මේ සියල්ලටම වඩා වල් අඩි පහරවල්  මාරාන්තික වීම වෙනම කතාවකි.  කෙසේ නමුත්  ලොව ප්‍රමුඛ තම සටන් කලාවන් අතරින්  වඩාත්ම බිහිසුණුම් සටන් කලාව වශයෙන් අද පිළිගැනෙන්නේ  ශ්‍රි ලංකාවේ අපි වැඩි දෙනෙකු  අසා නැති  සටන් කලාවකි.ඒ නමින් ක්‍රැව් මගා (krav maga)ය.
 මේ කොයි ලෝකය තිබෙන සටන් කලාවක්ද යන්න බොහෝ දෙනාට පැන නැගෙන ප්‍රශ්නයක් වන වාට සැක යක් නැහැ.  මේක ඊශ්‍රයල් නිශ්පාදනයක්.  මේකේ නිර්මාතෘවරයා වන්නේ  ඉමි (ඉම්රිච්ලිච්ටෙන්ෆෙල්ඩ් (1910-1998)නම් සටන් කලා ආචාර්යවරයා ය.

 නැගෙනහිර යුරෝපියානු සාම්ප්‍රදායික වීදි සටන් ,  අකිඩෝජූඩෝ,  බටහිර බොක්ෂිං ක්‍රීඩාවේ පහරවල් (පන්ච්),කරාටේ පා පහරවල්(කික් සහ ක්නීස්) ග්‍රෙකො-රෝමන් මල්ලව පොරබ්‍රසීල ජියු-ජිට්සු සටන් කලාවේ ඇතැම් අංග (ground fighting,throwa,grapling) සහ  විශේෂයෙන්ම චීන ජපන් සටන් කලා මිශ්‍රනයක් වන වින් චුන්ග් සටන් කලාවේ (බෲස්ලිගේ සටන් කලා ගුරුවරයා වූ ඉප්මෑං මෙහි නිර්මාතෘ ලෙස සැලැකේ) බොහෝ අංගයන් මෙම ක්‍රැව් මගා සටන් කලාවන් නිර්මාණය කිරීමෙහිලා යොදාගෙන ඇත. මෙම සටන් කලාවේදී ප්‍රතිවාදීයාගේ පහර වලින් ආරක්ෂා වීම හා පෙරලා මාරාන්තික ප්ර්තිපහාර එකවිටම එල්ල කිරීම මූලික කොට පවතින්නකි. උදාහරණයක් ලෙස කිවහොත් වම් අතින් ප්‍රහාරයක් වලක්වා ගන්නා අතරම ක්ෂණයෙන් දකුණු පයෙන් ප්‍රතිවාදියාගේ උගුරු දණ්ඩට ප්‍රහාරයන් එල්ල කිරීම දැක්විය හැකිය.
මෙම සටන් කලාවේ විශේෂත්වය වන්නෙ මෙහි එල්ල කරන සෑම පහරක් පාහේම මාරාන්තික වීමය.  ඇස්උගුරු දණ්ඩලිංගික අවයවය ආදිය ඉලක්ක ප්‍රදේශ වෙයි. ප්‍රතිවාදියා ආයුද සන්නද්ධව සිටියද දනහිස් හා වැලමිට පහරකින් අඩපණ කිරීමට මෙම සටන් කාලා ව පුහුණු වූවෙකුට සුළු දෙයකි.
 මේ සටන් කලාව තුළ ක්‍රීඩා නීති රීති නැත. අවසාන අපේක්ෂාව ප්‍රතිවාදියා මරා දැමීමය. එසේම ජාත්‍යන්තර ක්‍රැව් මගා ෆෙඩරේෂණයක්  ලෙස අද ක්‍රීයාත්මක වූවද මෙය  ක්‍රීඩාවක් ලෙස පිළිගැනේන්නේ නැත. අනෙකුත් සටන් කලා ශිල්පීන්ට ඊට අනන්‍ය වූ නිල ඇඳුමක් තිබුණද ක්‍රැව් මගා ශිල්පීන්ට නිල ඇඳුමක් නැත. එහෙත් ශිල්පයේ ප්‍රවීනත්වය මත ලබාදෙන පදක්කම්වර්ණ පටි (කළු පටිය එහි ඉහලම දක්ෂතාවයයි.) තිබේ. මේ සටන් කලාව පුරුදු පුහුණු කිරීම ද ලෙහෙසි පහසු දෙයක් වූවද. පුහුණුවන්නන් ආරක්ෂක ආවරණ පැලදෙගෙන පුහුණු විය යුතුය.  එමෙන්ම එය ප්‍රවීන ගුරුවරයකු යටතේ පුහුණු කළ යුත්තකි. එසේ නොවුන හොත්  පුහුණුවන්නාට එය මාරාන්තික වීම වැලැක්විය හැකි වන්නේ නැත.
මෙම මාරාන්තික සටන් කලාව නිර්මාණය කෙරුම ඇ‍රැඹුණේ මෑතකදීය . එනම් 1930 ගනන් වල අග භාගයේදීය.  කෙසේ නමුත් මෙවැනි සටන් කාලාවක් නිර්මාණය කිරීමට  අවශ්‍ය වූ කරණය ද ඉපැරණි සටන් කලාව නිර්මාණය වීම කෙරෙහි බල පෑ සාධකයන්ට වඩා වෙනස් නොවේ. එනම් මිනිසාට  මිනිසාගෙන්ම  එල්ල වූ ශාරීරික තර්ජනයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය  ශාරීරික හැකියාව දියුණු කිරීමේ අවශතාවය මතය. ඊශ්‍රයල් වරුන් හමුවේ එවැනි අභියෝගයක් තිබිනි. විශේෂයෙන්ම වීදි සටන් වලට මැදිවීමට ඊශ්‍රායල්වරුන්ට සිදුවී තිබිණි.
 දෙවන ලෝක යුද සමය අරම්බයේ වූ ජාතීන්ගේ බෙදී වෙන්වීන් වල ප්‍රතිපලයක් ලෙස ඊශ්‍රයල් වරුන්ට ස්ලොවැකියවේ   බ්‍රටිස්ලෙව නාට්සිවාදීන්ගේ හිරිහැර වලට නිරන්තරයෙන්  ලක් වීමට සිදුවිය. එකල සිටි බොක්ෂිං මල්ලවපොර සහ ජිම්නාස්ටික් ශූරයෙක්, පුහුණුකරුවකු මෙන්ම හංගෙරියා -ඊශ්‍රායල් ආත්මාරක්ෂක සටන් කලාකරුවකු වු ඉමි ලිච්ටෙන්ෆෙල්ඩ්   විසින් මේ තත්වයට පිලියම් ලෙස ජනතාවට පහසුවෙන් පුහුණුවිය හැකි ආත්මාරක්ෂාව සලසා ගැනීම වෙනුවෙන් මේ නව සටන් කලාව  නිර්මාණය කළේය. මාස හතරක පහක කාලයකින් මේ සටන් කලාවේ ප්‍රවීණයකු වීමේ හැකියාව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

1944 දී ඉමි ඊශ්‍රායල් යුධ හමුදාවට සම්බන්ද වීමෙන් පසුව මෙම සටන් ශිල්පය හමුදාවට හදුන්වා දුන්නේය. අද මෙම සටන් කලාව ඊශ්‍රායල් සියලු ආරක්ෂක අංශයන් හි පුහුණුවේ අනිවාර්ය අංගයකි. මොසාඩ බුද්ධ් සේවාවේ සියලු චර පුරුෂයන්ට මෙම සටන් කලාව පුහුණු කර යි. . එසේම ඊශ්‍රායල් ජනතාව අතර මේම සටන් කලාව පුහුණු කිරීම සඳහා වැඩි පහසුකම් සලසා තිබීම්ද දක්නට ලැබෙන්නකි.
ඊට හේතුව වී ඇත්තේ  මුස්ලිම් වරුන්ගේ ලෝකයේ  යුදෙව් ජනාවාසයක් පිහි‍ටුවීම නිසා ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ ශාරිරික ප්‍රහාරයන් වලක්වා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වී තිබි මය. 
අද මේ මරාන්තික සටන් කලාව අමෙරිකවේ, දකුණු අමරිකාවේ, යුරෝපයේ, දකුනු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් පවතී. ශ්‍රි ලංකාව තුළද මේ සටන් කලාව පුහුණු කරණ ආයතනයක් මෑතක පිහි‍ටුවා තිබේ.

No comments:

Post a Comment