පිංකිගේ වෛද්‍ය වාර්තාවට අනුව ඔහු Disorder of Sexual Development (DSD) නම් ලිංගික ආබාධයකින් පෙළෙන බවත්, එවැන්නෙකුට ලිංගික ක්‍රියාවලියක නිරතවීමට නොහැකි බව වෛද්‍ය විශේෂඥ මතය බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
පිංකි පිරිමියෙක් බවට පසුගියදා සිදුකරන ලද ඞී එන් ඒ පරීක්ෂණ වලින් හෙළිවිය.
එහෙයින් ඔහුට ස්ත්‍රි දූෂණ චෝදනා නගන එක සාධාරණ නොවන බව මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කමිටුවේ සාමාජිකයෙකු වන ජාන විද්‍යා විශේෂඥ වෛද්‍යවරයෙකු වන කෞෂික් මොන්ඩොල් පවසා ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ වැඩිදුරටත් දැක්වේ.
පිිංකි තමාව අපහරණයට ලක් කළේ යැයි ඔහු සමග එකට ජීවත් වූ ක්‍රීඩිකාවක පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පිංකි, පසුගිය ජුනි මාසයේදී අත්අඩංගුවට ගැණුනි.
පිංකි ක්‍රීඩිකාවක් ලෙස 2006 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ 4x400 සහාය දිවීම වෙනුවෙන් රිදී පදක්කමද 2006 වසරේ කොළඹ පැවති දකුණු ආසියානු මලල ක්‍්‍රීඩා තරගාවලියේ මීටර් 400 ,800 ඉසව්වන් නියෝජනය කරමින් රන් පදක්කමද එම තරගාවලියේදීම 4x 400 සහාය දිවීම වෙනුවෙන් රන් පදක්කමද දිනා ගැනීමට සමත්විය.
No comments:
Post a Comment