යුද්ධය කියන මතෘකාව ගැන කතා කරන්න මොනතරම් අකමැති වුවත් අද අපේ කතාවේ කතා නයකයා ගැන කියන්නට නම් යුද්ධය ගැන වචනයක් දෙකක් කතාකරන්නට සිදුවෙනවා.
සහෝදර දෙමළ ජනතාවට ඔවුන්ගේ ගෙවල් දොරවල් ජීවිත අහිමි කළ යුද්ධය සිංහල අපේ වුන්ටත් හුගක් දෙවල් අහිමි කලා, දේශභිමානය දේශානුරාගය කරපින්නාගෙන අපේ කොල්ලො කෙල්ලො හමුදාවට එකට බැඳුනා කියල පාලකයෝ කිව්වට ඇත්තටම උන් සටන් කලේ අහිංසක අම්ම තාත්තගේ බඩගිනි නිවන්න, තමන්ගෙම සහෝදර සහෝදරියන්ව අධ්‍යපනයේ දුරම තැනකට එක්ක යන්න.
උපාලිටත් බලාපොරොත්තු ගොඩක් තිබුණ. අග හිග කම් එන්න එන්නම වැඩිවෙද්දී උපාලිත් හමුදාවට බැදුණා. ජීවිත යුද්ධයේ අඩි කිහිපකින් හරි ඉදිරියට යන්න වෙර දරපු උපාලිට යුද්ධය නිසා එයාගේ එක් පාදයක් අහිමි උණා.
එහෙත් අද අපි කතා කරන්නේ යුද්ධය නිසා පාදයක් අහිමි කර ගත් ඒ සොල්දාදුව ගැන නම් නොවෙයි. ජීවිතේ ජීවත් කරවන බලාපොරොත්තු කුඩුපට්ටම් උනාට පස්සෙ අලූත් බලාපොරොත්තුවක් එක්ක ජීවිතේට අලූත් පාටක් දෙන්න හදන ක‍්‍රීඩකයෙක් ගැනයි. ඔහු නිකම්ම නිකම් ක‍්‍රීඩකයෙක් නොවෙයි.ඒ මේවන විට ලන්ඩනයේ පැවැත්වෙන පැරාලිම්පික්හි ( ආබාධිත ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල) ටෙනිස් ක‍්‍රීඩා කරන උපාලි රාජකරුණා ගැනයි
හරි අපි ඒ උපාලි ගැන ටිකාක් කතා කරමු.
මගේ ගම කැකිරාව. 93 දී මම ආර්මි එකට බැදුනේ. 97දී වැලි ඔයදී වෙඩි වැදිල මගෙ එක කකුලක් කපන්න සිද්ද වුණා. පස්සෙ මම අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ කකුලක් නැතිව ඉඳිද්දී එක එක ක‍්‍රීඩා කරන්න පෙලඹුණා.
එක එක ක‍්‍රීඩා කිව්වෙ ?