Friday, November 16, 2012

ගේල් ටෙස්ට් කි‍්‍රකට් වාර්තා අතරට


ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියකදී පළමු තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ එකම ක්‍රීඩකයා ලෙසින් කි‍්‍රකට් වාර්තා අතරට එක්වීමට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු කි‍්‍රස් ගේල් සමත්විය.
ඒ මේ දිනවල ඩකාහිදී පැවැත්වෙන බංගලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදීය.
තරගයේ පළමු පන්දුවාරය යවනු ලැබුවේ බංගලිදේශයේ පිට දගපන්දු යවන ක්‍රීඩක සොහාග් ගාසි විසින්ය.

Wednesday, November 14, 2012

පිංකිට ස්ත‍්‍රී දූෂණ බැරිලු


ඉන්දීය මලල ක‍්‍රීඩිකා පිංකි ප‍්‍රමානික් ජානමය වශයෙන් පිරිමියෙකු වුවත්, ස්ත‍්‍රී දූෂණයක් සිදුකිරීමේ හැකියාවක් නැතැයි එරට වෛද්‍ය විශේෂඥයන් පවසයි.
පිංකිගේ වෛද්‍ය වාර්තාවට අනුව ඔහු Disorder of Sexual Development (DSD) නම් ලිංගික ආබාධයකින් පෙළෙන බවත්, එවැන්නෙකුට ලිංගික ක‍්‍රියාවලියක නිරතවීමට නොහැකි බව වෛද්‍ය විශේෂඥ මතය බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

Saturday, November 3, 2012

මම එතකොට ටෙනිස් කියනේ මොකක්ද කියලවත් දන්නෑ.


යුද්ධය කියන මතෘකාව ගැන කතා කරන්න මොනතරම් අකමැති වුවත් අද අපේ කතාවේ කතා නයකයා ගැන කියන්නට නම් යුද්ධය ගැන වචනයක් දෙකක් කතාකරන්නට සිදුවෙනවා.

සහෝදර දෙමළ ජනතාවට ඔවුන්ගේ ගෙවල් දොරවල් ජීවිත අහිමි කළ යුද්ධය සිංහල අපේ වුන්ටත් හුගක් දෙවල් අහිමි කලා, දේශභිමානය දේශානුරාගය කරපින්නාගෙන අපේ කොල්ලො කෙල්ලො හමුදාවට එකට බැඳුනා කියල පාලකයෝ කිව්වට ඇත්තටම උන් සටන් කලේ අහිංසක අම්ම තාත්තගේ බඩගිනි නිවන්න, තමන්ගෙම සහෝදර සහෝදරියන්ව අධ්‍යපනයේ දුරම තැනකට එක්ක යන්න.

උපාලිටත් බලාපොරොත්තු ගොඩක් තිබුණ. අග හිග කම් එන්න එන්නම වැඩිවෙද්දී උපාලිත් හමුදාවට බැදුණා. ජීවිත යුද්ධයේ අඩි කිහිපකින් හරි ඉදිරියට යන්න වෙර දරපු උපාලිට යුද්ධය නිසා එයාගේ එක් පාදයක් අහිමි උණා.

එහෙත් අද අපි කතා කරන්නේ යුද්ධය නිසා පාදයක් අහිමි කර ගත් ඒ සොල්දාදුව ගැන නම් නොවෙයි. ජීවිතේ ජීවත් කරවන බලාපොරොත්තු කුඩුපට්ටම් උනාට පස්සෙ අලූත් බලාපොරොත්තුවක් එක්ක ජීවිතේට අලූත් පාටක් දෙන්න හදන ක‍්‍රීඩකයෙක් ගැනයි. ඔහු නිකම්ම නිකම් ක‍්‍රීඩකයෙක් නොවෙයි.ඒ මේවන විට ලන්ඩනයේ පැවැත්වෙන පැරාලිම්පික්හි ( ආබාධිත ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල) ටෙනිස් ක‍්‍රීඩා කරන උපාලි රාජකරුණා ගැනයි

හරි අපි ඒ උපාලි ගැන ටිකාක් කතා කරමු.

මගේ ගම කැකිරාව. 93 දී මම ආර්මි එකට බැදුනේ. 97දී වැලි ඔයදී වෙඩි වැදිල මගෙ එක කකුලක් කපන්න සිද්ද වුණා. පස්සෙ මම අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ කකුලක් නැතිව ඉඳිද්දී එක එක ක‍්‍රීඩා කරන්න පෙලඹුණා.

එක එක ක‍්‍රීඩා කිව්වෙ ?

Friday, November 2, 2012

ක්‍රිකට් නම් ක්‍රිකට්



අජන්ත මෙන්ඩිස් තමන් සතු ලෝක වාර්ථාව අලූත් කරමින් සිම්බාබ්වේ සමගවූ පළමු තරගය ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහනය කරදීමට කළ සමත්කම මෙවර විස්සයි විස්ස ලෝක ක‍්‍රිකට් කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා ගැනීම සම්බන්ධයෙන් සුබ පෙර නිමිති පහල කිරීමකි. පසුගිය කාලයේ අබාධ හේතුවෙන් දුර්වලව සිටි අජන්ත මෙන්ඩිස් මෙම තරගාවලිය අරම්භයට පෙර ම කීවේ තමන්ගේ සුපුරුදු දක්ෂතා මෙම තරගාවලියේදී දකින්නට හැකිවනු ඇති බවය. පන්දු ඕවර 4කදි නිලකුණු ඕවර 2ක් සමග ලකුණු අටකට පමණක් ප‍්‍රතිවාදීන් සීමාකර කඩුළු අටක් ලබා ගැනීමට පෙරාතුව තිබු ලෝකයේ හොඳම පන්දු යැවීම වූයේ ඕවර 4කදී ලකුණු 16ක් ලබාදී කඩුළු 6 ක් දවා ගැනීමය.
2009 වසරේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඒ දක්ෂතාවය පෑවේද අජන්ත විසින්මය.

මිකීගේ පසුවට ගහලා


 ඇමරිකානු සුපිරි මල්ලවපොර ක‍්‍රීඩිකා මිකී ජේම්ස් හට සති හතරක පමණ කාලයක් මල්ලවපොර පිටියෙන් ඉවත්ව සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පසුගියදා පැවති මල්ලවපොර තරගයකදී ඇයගේ පපු පෙදෙසට එල්ලවු පුටු පහරක් නිසාවෙන් බවද පැවසේ.
තිස්එක් හැවිරිදි මිකී මල්ලවපොර පිටියේ ලොකු, කුඩා කාගේත් ආදරයට දිනා ගත් මල්ලවපොර ක‍්‍රීඩිකාවක් හා ඇමෙරිකාවේ සිනමා නිළියක්ද වේ.
පුරා වසර 9ක් මල්ලවපොරපිටියේ සුපිරි දස්කම් පෑ මිකී මේ වන විට ඇමෙරිකාවේ රෝ (RAW) මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරයි.

සූස්තිකාරයන්ගේ රටේ යුසේන් බෝල්ට්ලා


 යුසේන් බොල්ට් මීටර් 200 තරගය ජයග‍්‍රහනය කර කරීඩා පිටිය වටා දිවයන අතරේදී විටින් විට ගීතයක කොටසක් මිමිණවූ බව විදෙස් මාධ්‍යවේදියකු සටහන් කර තිබිණි. මේ ගීතය "වන් ලව් වන් හාට්" නම් බොබ් මාලිගේ අතිශය ජනප්‍රියද ගීතයයි.
යුසේන්ගේ ප්‍රියතම ගායකයා මාලිය. බීජිං ඔලිම්පික් තරගවලිය අවසන්ව පැවැති සංගීත ප්‍රසංගයකදී යුසේන් මේ ගීතය ගායනා කරන අයුරු යූ ටියුබ් වෙබ් අඩවියේ ඇත. යුසේන් හා මාලි අතර සබඳතාවය ගැන කතා කරන්නට පෙළඹවුයේ වර්තමාන ජැමෙයිකානු ක්‍රීඩාවේ නැග්ම ගැන කියන්නට පෙර සටහනක් ලෙසය. ඊට බොබ් මාලිගේ ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න ගැටළු‍ සහගත බව පෙනී ගියත් එහි සබඳකමක් තිබේ.
ඒ සබඳකම හැදෙන්නේ යුගයන් අතර වෙනස් කමෙනි. ජැමෙයිකාව ලෝකයේ වඩාත්ම ප‍්‍රසිද්ධියට පත්වූවානම් ඒ බොබ් මාලි නම් අසාහය විප්ලවාදී ගායකයා නිසාය. ඔහු මානව වර්ගයාට එරෙහිව වන අසාධාරණයට අයුක්තියට එරෙහිව මොර ගෑවේය. තමන්ගේ රටේ තක්කඩි පාලකයන්ට එරෙහිව ගීතය අවියක් කොට ගත්තේය. මේ ගායකයා සමගම ප්‍රසිද්ධ වූ අනෙක් කාරණය ගංජා ඉරීමය. නැතිනම් සූස්ති ගැසීමය.