Friday, November 2, 2012

ක්‍රිකට් නම් ක්‍රිකට්



අජන්ත මෙන්ඩිස් තමන් සතු ලෝක වාර්ථාව අලූත් කරමින් සිම්බාබ්වේ සමගවූ පළමු තරගය ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහනය කරදීමට කළ සමත්කම මෙවර විස්සයි විස්ස ලෝක ක‍්‍රිකට් කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා ගැනීම සම්බන්ධයෙන් සුබ පෙර නිමිති පහල කිරීමකි. පසුගිය කාලයේ අබාධ හේතුවෙන් දුර්වලව සිටි අජන්ත මෙන්ඩිස් මෙම තරගාවලිය අරම්භයට පෙර ම කීවේ තමන්ගේ සුපුරුදු දක්ෂතා මෙම තරගාවලියේදී දකින්නට හැකිවනු ඇති බවය. පන්දු ඕවර 4කදි නිලකුණු ඕවර 2ක් සමග ලකුණු අටකට පමණක් ප‍්‍රතිවාදීන් සීමාකර කඩුළු අටක් ලබා ගැනීමට පෙරාතුව තිබු ලෝකයේ හොඳම පන්දු යැවීම වූයේ ඕවර 4කදී ලකුණු 16ක් ලබාදී කඩුළු 6 ක් දවා ගැනීමය.
2009 වසරේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඒ දක්ෂතාවය පෑවේද අජන්ත විසින්මය.

මිකීගේ පසුවට ගහලා


 ඇමරිකානු සුපිරි මල්ලවපොර ක‍්‍රීඩිකා මිකී ජේම්ස් හට සති හතරක පමණ කාලයක් මල්ලවපොර පිටියෙන් ඉවත්ව සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පසුගියදා පැවති මල්ලවපොර තරගයකදී ඇයගේ පපු පෙදෙසට එල්ලවු පුටු පහරක් නිසාවෙන් බවද පැවසේ.
තිස්එක් හැවිරිදි මිකී මල්ලවපොර පිටියේ ලොකු, කුඩා කාගේත් ආදරයට දිනා ගත් මල්ලවපොර ක‍්‍රීඩිකාවක් හා ඇමෙරිකාවේ සිනමා නිළියක්ද වේ.
පුරා වසර 9ක් මල්ලවපොරපිටියේ සුපිරි දස්කම් පෑ මිකී මේ වන විට ඇමෙරිකාවේ රෝ (RAW) මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරයි.

සූස්තිකාරයන්ගේ රටේ යුසේන් බෝල්ට්ලා


 යුසේන් බොල්ට් මීටර් 200 තරගය ජයග‍්‍රහනය කර කරීඩා පිටිය වටා දිවයන අතරේදී විටින් විට ගීතයක කොටසක් මිමිණවූ බව විදෙස් මාධ්‍යවේදියකු සටහන් කර තිබිණි. මේ ගීතය "වන් ලව් වන් හාට්" නම් බොබ් මාලිගේ අතිශය ජනප්‍රියද ගීතයයි.
යුසේන්ගේ ප්‍රියතම ගායකයා මාලිය. බීජිං ඔලිම්පික් තරගවලිය අවසන්ව පැවැති සංගීත ප්‍රසංගයකදී යුසේන් මේ ගීතය ගායනා කරන අයුරු යූ ටියුබ් වෙබ් අඩවියේ ඇත. යුසේන් හා මාලි අතර සබඳතාවය ගැන කතා කරන්නට පෙළඹවුයේ වර්තමාන ජැමෙයිකානු ක්‍රීඩාවේ නැග්ම ගැන කියන්නට පෙර සටහනක් ලෙසය. ඊට බොබ් මාලිගේ ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න ගැටළු‍ සහගත බව පෙනී ගියත් එහි සබඳකමක් තිබේ.
ඒ සබඳකම හැදෙන්නේ යුගයන් අතර වෙනස් කමෙනි. ජැමෙයිකාව ලෝකයේ වඩාත්ම ප‍්‍රසිද්ධියට පත්වූවානම් ඒ බොබ් මාලි නම් අසාහය විප්ලවාදී ගායකයා නිසාය. ඔහු මානව වර්ගයාට එරෙහිව වන අසාධාරණයට අයුක්තියට එරෙහිව මොර ගෑවේය. තමන්ගේ රටේ තක්කඩි පාලකයන්ට එරෙහිව ගීතය අවියක් කොට ගත්තේය. මේ ගායකයා සමගම ප්‍රසිද්ධ වූ අනෙක් කාරණය ගංජා ඉරීමය. නැතිනම් සූස්ති ගැසීමය.