Thursday, December 6, 2012

ඉන්දියාවට ඔලිම්පික් තහනම්. ඊට පස්සේ ලංකාවටද ?




ඉන්දීය ඔලිම්පික් සංගමයේ නිලවරණය දූෂිත ලෙස පැවැත්වීම හා ඊට දේශපාලන මැදිහත් වීම් සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඉන්දීය ඔලිම්පික් සංගමය තහනම් කිරීමට තීරණය කොට ඇතැයි  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම තහනම දින සීමා නියමක් නොමැතිව ප්‍රකාශයට පත් කොට ඇත.
ඉන්දීය ඔලිම්පික් සංගම් ව්‍යවස්ථාවට 2010 වසරේදී ඉන්දීය රජය විසින් හඳුන්වා දුන් නව නීතිරීති හා ජත්‍යන්තර ඔලිම්පික් කමි‍ටුවේ ව්‍යවස්ථවේ වගන්ති හා පරස් පර වීම ඉන්දීය ඔලිම්පික් සංගම් නිළවරනය දූෂිත බව ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි මූලික වශයෙන් බලපා තිබේ.

එමෙන්ම නිලවරණ යේදී දූෂණ චෝදනා ලබා සිටින නිලධාරීන් තිදෙනෙකුට නාම යෝජනා ලබා දීමද මෙම තහනමට හේතුවී ඇතැද වාර්තා වේ.

Tuesday, December 4, 2012

ක්‍රිකට් ආයතනය බංකොලොත්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි ලේකම් අනුර ජයවික්‍රම මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පිළිබදව වූ මාධ්‍ය හමුවේදීය.

Sunday, December 2, 2012

ජාතික ක්‍රීඩා උළෙල හිමාෂට තහනම්



ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රීඩකයා වන කෙටිදුර ධාවක  හිමාෂ ඒෂාන්හට ඊයේ නිමාවූ  ජාතික ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවිය.
ඒ ඔහු මේ වන විට තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්ව තිබීම හේතුවෙනි.

ක්‍රීඩා නිළධාරීන්ගෙන් මහින්දානන්ද ගුටි නොකා බේරෙයි


පසුගිය30 වැනි දින ආරම්භ වූ 38වන ජාතික ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උත්සවය අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පළාත් ක්‍රීඩා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර පහර දීමට ගත් උත්සාහයේදී ක්‍රීඩා නිලධාරීන් විසින්ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහය වැලැකී ගියේ අනූ නවයෙනි.
ඒ ඇමැතිවරයාගේ ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු විසින් ඇමැතිවරයාගේ බ්‍රේක් නැති කට වසා සංසුන් කිරීම නිසාය. එසේම මෙම ප්‍රශ්නය සාකච්ඡා කොට විසඳා ගමු යැයි ආරක්ෂකයින් ක්‍රීඩා නිළධාරීන්ගෙන් ආයාචනය කරද තිබේ. එසේ නොවන්නට පළාත් ක්‍රීඩා නිළධාරීන් 425 දෙනෙකුගෙන් ගුටි කෑමට ක්‍රීඩා ඇමතිවරයාට සිදු විය හැකිව තිබිණි..

Saturday, December 1, 2012

ඉවරයක් වෙන්න ගහනව නම් ක්‍රැව් මගා වලින් ගහන්න


ආත්මාරක්ෂක සටන් කලා අතරින් ලොව බිහිසුනුම සටන් කලාව  කුමක්ද යන්න ගැන  විමසුවොත් කට අගට එන සටන් කලාවන්  කිහිපයක් තිබේ. ඒ  වුෂු, කරාටේ, බොක්ෂිං යනාදී වශයෙනි.  කෙනෙකුට මේ සියල්ලටම වඩා වල් අඩි පහරවල්  මාරාන්තික වීම වෙනම කතාවකි.  කෙසේ නමුත්  ලොව ප්‍රමුඛ තම සටන් කලාවන් අතරින්  වඩාත්ම බිහිසුණුම් සටන් කලාව වශයෙන් අද පිළිගැනෙන්නේ  ශ්‍රි ලංකාවේ අපි වැඩි දෙනෙකු  අසා නැති  සටන් කලාවකි.ඒ නමින් ක්‍රැව් මගා (krav maga)ය.
 මේ කොයි ලෝකය තිබෙන සටන් කලාවක්ද යන්න බොහෝ දෙනාට පැන නැගෙන ප්‍රශ්නයක් වන වාට සැක යක් නැහැ.  මේක ඊශ්‍රයල් නිශ්පාදනයක්.  මේකේ නිර්මාතෘවරයා වන්නේ  ඉමි (ඉම්රිච්ලිච්ටෙන්ෆෙල්ඩ් (1910-1998)නම් සටන් කලා ආචාර්යවරයා ය.

රංගනට උඩට


රිලයන්ස් අයි.සී.සී. ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ජගත් දග පන්දුයවන්නන් අතර පළමු ස්ථානයට පත්වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක රංගන හේරත් සමත්ව ඇත.
ඉකුත් නවසීලන්ත තරගාවලියේදී දක්වන ලද දස්කම් රංගන පළමු ස්ථානයට පත්ව තිබේ.
ඔහු එහිදී කඩුළු විස්සක් දවා ගැනීමට සමත් විය.