Thursday, December 6, 2012

ඉන්දියාවට ඔලිම්පික් තහනම්. ඊට පස්සේ ලංකාවටද ?




ඉන්දීය ඔලිම්පික් සංගමයේ නිලවරණය දූෂිත ලෙස පැවැත්වීම හා ඊට දේශපාලන මැදිහත් වීම් සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඉන්දීය ඔලිම්පික් සංගමය තහනම් කිරීමට තීරණය කොට ඇතැයි  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම තහනම දින සීමා නියමක් නොමැතිව ප්‍රකාශයට පත් කොට ඇත.
ඉන්දීය ඔලිම්පික් සංගම් ව්‍යවස්ථාවට 2010 වසරේදී ඉන්දීය රජය විසින් හඳුන්වා දුන් නව නීතිරීති හා ජත්‍යන්තර ඔලිම්පික් කමි‍ටුවේ ව්‍යවස්ථවේ වගන්ති හා පරස් පර වීම ඉන්දීය ඔලිම්පික් සංගම් නිළවරනය දූෂිත බව ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි මූලික වශයෙන් බලපා තිබේ.

එමෙන්ම නිලවරණ යේදී දූෂණ චෝදනා ලබා සිටින නිලධාරීන් තිදෙනෙකුට නාම යෝජනා ලබා දීමද මෙම තහනමට හේතුවී ඇතැද වාර්තා වේ.

මෙම තීරණයත් සමග ඔලිම්පික් කමිටුව මගින් ක‍්‍රීඩාව සඳහා ලබාදෙන ඇමෙරිකානු ඩොලර් 90,000ක මුදල මෙන්ම ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට ඇති අවස්ථාවද අහිමි වේ.

කෙසේවෙතත් එම තීරණයට එරහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මෙම තහනම් ඉවත් කර ගැනීම සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග සාකච්ජා කරන බව ඉන්දීය ක්‍රීඩා අමාත්‍ය ජිතේන්ද්‍ර සිං  පවසයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග සාකච්ඡා කොට තීරණය වෙනස් කර ගැනීමට හැකිනම් රටේ ඔවුනට අවශ්‍ය පරිදි ඔලිම්පික් කමිටු ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට තමා සූදානම් බවත් ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාව සම්බන්ධයෙන්ද මේ වැදගත් සිදුවීමකි. ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයම දූෂණය වී ඇති බව විවාදයකින් තොර කරුණකි දේශපාලන මැදිහත් වීම පවතින්නේ සියල්ලටම ඉහළිනි. 

මේ තත්වය තුළ ඉන්දීය ඔලිම්පික් සංගමය  තහනමට ලක්වීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නිළධාරී මා‍ෆියාවට හා දේශපාලන අධිකරිත්වයටත්  කළ අනතුරු හැඟවීමක් ලෙස තේරුම් ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබේ දැයි සැක සහිත නමුත් මේ ඉතා හොඳ තත්වයකි.



No comments:

Post a Comment