interviews



ලංකාවේ සුපිරි පිතිකරුවා මහේල - සංගක්කාර




 මහේල ත්‍යාගශීලී අයෙක් බවත් ඔහු පිතිකරුවෙකු හැටියට නොව නායකයෙකු හැටියට තමාගේ හිතේ ඇදුනු චරිතයක් බව හිටපු කි‍්‍රකට් නායක කුමාර සංගක්කාර කියයි.
ඔහු මේ බව පවසා තිබුණේ ඇලිසන්ස් ටී බේ‍්‍රක් විශේෂාංගය සමග එක් වෙමිනි.
මහේල ඉතාම ලාබාල වයසේදී කි‍්‍රකට් පේ‍්‍රක්ෂකයන් අතර නමක් දිනාගත් අයෙකු බවත් තමා පාසැල් යන සමයේදී පවා මහේල ගැන නිතර අසන්න ලබුණු බවද ඔහු එහිදී පවසා තිබේ.
තමා 1997දී ශ‍්‍රී ලංකා පිළට එක්වන විටද මහේල එම කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරමින් සිටි බවද ඔහුගේ මානුෂික ගතිපැවතුම් නිසා තමාට ඔහුත් සමග මිතු දමක් ඇතිකර ගැනීමට හැකිවීම ගැන සතුටු වන බවද සංගක්කාර පවසා ඇත.
එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවු සුපිරි පිතිකරුවන් දෙදෙනා අතර මහේල සිටින බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.
ඔහු නම් කර ඇති අනෙක් පිතිකරුවා වන්නේ අරවින් ද සිල්වාය.

.................................................................................................................................................................

වාසනාවට අසීෆ් දැන් නෑ - සංගක්කාර


ලෝක ක‍්‍රිකට් විශිෂ්ටයන් ඇගැයීමට ලක්කෙරෙන අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන රාත‍්‍රිය පැවතියේ ශ‍්‍රී ලංකාවේය.

එහි වසරේ ක‍්‍රීඩකයාට හිමි ශ‍්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස් සම්මානයත් සමග ලොව හොඳම ටෙස්ට් ක‍්‍රීඩකයා සම්මානයත්, ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයාට පිරිනැමෙන ජනතා සම්මානයත් දිනාගනු ලැබුවේ ලාංකේය කී‍්‍රඩක කුමාර් සංගක්කාරය.
සංගක්කාර ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අභියස සිටියදී කුමාර සංගක්කාර සමග කළ සාකච්ඡාවකි මේ.

ලෝක කුසලාන විස්ස - 20 තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට ඇති අවස්ථා සම්බන්ධ ඔබේ මතය?
අපිට ඉතා හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම භෞතිකව හා මානසිකව ශක්තිමත්ග ඒ වගේම සමබරයි. මේ නිසා මෙවර ලෝක කුසලානයේ හොඳ අවස්ථාවක් අපිට තිබෙනවා. මේ තරගාවලිය පැවැත්වෙන්නේ අපේ රටේ අපිට හුරුපුරුදු තණතීරුවලයි. ඒ නිසා එවැනි හැඟීමක් ගොඩනැගිලා තිබෙනවා.
අවස්ථා තුනකදී අවසන් තරගයට ගිය අපිට ලෝක කුසලානය මග හැරැනේ ඇයි?
එය කෙටියෙන් සාකච්ඡා කරන්න හැකියාවක් නැති ගැඹුරු අර්බුදයක්. මම එහෙම කියන්නේ මේ සම්බන්ධයෙන් අපි කිසිම අවස්ථාවක වෙනවෙනම සාකච්ඡා කොට නිගමනයට තවමත් ඇවිත් නැති නිසයි. මම කියන්නේ මේ පිළිබඳව අපි සියලූදෙනා එකතුවෙලා කතාබස් කළ යුතුයි කියන මතයෙයි අපි ඉන්නේ. කොහොම නමුත් අවසන් තරගය සඳහා අපි මානසිකව සූදානමින් සිටිය යුතුයි.
මුරලිගේ පන්දුයැවීම් යවීම හමුවේ සාර්ථකම කඩුලූ රකින්නා වන ඔබට දුස්රාවට පෙර මුරලි ඔබට සංඥාවක් දෙනවද?
කොහෙත්ම නෑ. මෙතැන සාර්ථකත්වය වන්නේ මම මහන්සිවී වැඩකිරීමයි. මුරලි ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්වන් භාවිත කරමින් විවිධාකාරයේ පන්දුයැවීමක නිරතවෙනවා. මම කඩුලූ රකින්නෙක් වශයෙන් එයට සාර්ථක ප‍්‍රතිචාර දැක්වීම මගේ යුතුකමක්. එතැන තිබුණේ එවැනි සම්බන්ධයක් පමණයි.
පිතිකරුවා හා කඩුලූ රකින්නා යන අභියෝගය ටෙස්ට් තරගවලදී ඔබ කොහොමද ජය ගන්නේ?
එය ඇත්තෙන්ම අභියෝගාත්මකයි. තරුණ කාලයේදී මේ තත්ත්වය කොහොමත් දරාගන්න හැකියාව තිබෙනවා. ඒත් තරමක් වියපත් වනවිට පිතිකරුවාගේ භූමිකාවත්, කඩුලූ රකින්නාගේ භූමිකාවත් කියන ද්විත්වයම සාර්ථක කරගැනීමේ අසිරුතා මතුවෙනවා. ටෙස්ට් තරගයක කඩුලූ රැකලා කකුල් දෙක දිගහැරගෙන සිටින්නට තිබෙන අවස්ථාවක් නොලබාම ඉදිරිපෙළ පිතිකරුවෙක් වශයෙන් කටයුතු කරන්න යෑම හුඟාක් අසීරුයි. ඇත්තෙන්ම ඉදිරිපෙළ කඩුලූ ඉක්මනින් දැවී යද්දී කඩුලූ රකින්නාට පිටියට පිවිසෙන්නට සිදුවුවහොත් ඔහුගේ පාද හැසිරවීම වැනි ප‍්‍රශ්න ඇතිවෙන නිසා අසාර්ථක වෙන්න ඉඩක් තිබෙනවා. කොහොම නමුත් මට පිතිකරුවෙක් වශයෙන් වැඩි අවධානයක් යොමුකරන්න කියන උපදේශය කණ්ඩායම් කළමනාකාරිත්වයෙන්, පුහුණුකරුවන්ගෙන් ලැබුණා.
Kumar Sangakkara 600px 12 0
වර්තමාන කී‍්‍රඩාවේ ස්වභාවය අනුව කඩුලූ රකින්නට කුසලතාවක් තිබෙන හොඳ පිතිකරුවෙක්ද වඩා සුදුසු කඩුලූ රැකීම ඉතා විශිෂ්ට නමුත් සාමාන්‍ය පිතිකරුවෙක්ද කණ්ඩායමකට ගැලපෙන්නේ?
මම හිතන්නේ මේ දෙකම ඉතා හොඳින් තිබෙන කී‍්‍රඩකයෙක් තමයි ඒ සඳහා සුදුසු වන්නේ. නමුත් දැන් එවැනි කී‍්‍රඩකයන් සොයාගන්න අමාරුයි. මම දකිනවා එවැනි අතිවිශිෂ්ට කඩුලූ රකින පිතිකරුවෙක් වශයෙන් ප‍්‍රසන්න ජයවර්ධනව. ඔහු මැද පෙළ පිතිකරුවෙක් වශයෙන් දක්ෂතා අතර ඉන්න අතරේ ඉතා විශිෂ්ට කඩුලූ රකින්නෙක් ලෙස කටයුතුකරනවා.
බොහෝ ආසියානු පිතිකරුවන් කට් හා පුල් පහරවල්වලට එළඹෙන්නේ නෑ. නමුත් ඔබේ පි‍්‍රයතම පහරවල් අතර මේ ද්විත්වයම තිබෙනවා.මෙය කොහොමද වගාකරගත්තේ?
මම හිතන්නේ ආසියානු පිතිකරුවන් බොහෝවිට කෙටි පන්දුවලට සාර්ථකත්වය දක්වනවා. ඇත්තටම මට මේ සඳහා පෙළඹවීමක් ඇතිවුණේ, මගේ පාසල් කී‍්‍රඩාව සිදුවුණේ නුවර ප‍්‍රදේශයේවීම නිසයි. විශේෂයෙන්ම ඒ ප‍්‍රදේශයේ තිබෙන්නේ වේගපන්දුයවන්නන්ට සුදුසු තණතීරු. ඉතින් ඒවායේ කී‍්‍රඩාකරද්දී මේ පහරවල් ද්විත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුයි.
ඔබ පාකිස්තානු පන්දුයවන්නන්ට වැඩි කැමැත්තක් දක්වනවා?
ඔව්. මට වඩා ගැලපෙන්නේ පාකිස්තානු වේග පන්දුයවන්නන්ගේ පන්දුයි. මොකද ඔවුන් සැමවිටම වැඩි වේගයකින් පන්දුයවනවා යැයි මට සිතෙනවා. මොකද මගේ කි‍්‍රකට් ජීවිතයේ නිරන්තරයෙන් ඔවුන් මුණගැසුණා. ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ට එරෙහිව සාර්ථක වෙන්න මට සිදුව තිබුණා. ඒ නිසා මම පාකිස්තානයට හොඳින් මුහුණදෙනවා කියා සිතනවා.
ඔබව පීඩනයට පත්කළ පන්දුයවන්නන් සිටිනවාද?
නිසැකයෙන්ම. වර්තමානයේ ඉන්දියාවේ සහීර් ඛාන්. ඔහුගේ පන්දුයැවීම අභියෝගයක්. වාසනවාට මොහොමඕ අසිෆ් දැන් කී‍්‍රඩාකරන්නේ නෑ. ඔහු මට දැඩි පීඩනයක් එල්ල කළා. ෂේන් වෝන් හා මයිකල් කැස්ප්‍රොවික් කියන පන්දුයවන්නන් ද්විත්වයත් මුහුණදීමට අසීරු අභියෝගාත්මක පන්දුයවන්නෝ. මම වැඩි අවස්ථාවක් මුහුණදීලා නැතත් වසීම් අක‍්‍රම් කියන්නේ මම මුහුණදෙන්න කැමැතිම පන්දුයවන්නා. ඔහුට මුහුණදීම අතිශය දැවැන්ත අභියෝගයක්. මම කැමැතියි ඔහු මට තව කාලයක් මුහුණදෙන්න අවස්ථාවක් ලැබුණානම්.
පිටියේ වඩා සිහිපත් කරන්න පි‍්‍රයතම සිදුවීම කුමක්ද?
මුරලිදරන් ටෙස්ට් කඩුලූ 800 ලබාගත්ත අවස්ථාව. එය මට කිසිදිනෙක අමතක කරන්න බැරිවෙයි.
ඩවුන් කොම් (Downcom) වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.

No comments:

Post a Comment