Monday, March 28, 2016

දයාසිරි ට ‍ෆිට්නස් නැතිවුන් ලෝකය ජයගත්තේය.

කොළඹ හොකී සහ පාපන්දු ක්‍රීඩා සමාජය CH &FC)  සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික සය සාමාජික (6 A side)හොකි තරගාලවියට සහභාගී වී එහි සමස්ථ සූරතාවය ( Overall championship) හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රි ලංකාවේ ජාතික හෝ  යම් ක්‍රීඩා සමාජයක හෝ ජාත්‍යන්තර කුසලානය ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙයි.

දිරියෙන් ඉදිරියට ඇදෙනට .......

වසර එක් දහස් නවසිය හැට හතර ජපානයෙ ටෝකියෝ අගනුවර ඔලිම්පික් තරග අතර මිටර දස දහස දුර ධාවනය ඉසව්ව ඇරඹුනේය.  ධාවන පථයෙ වටරවුම් කැරකෙන තුරඟුන් ලෙස දුවන අන් තරග කරුවන් අතර එක් මිනිසෙකු සිටියේය. සංඥාව වෙඩි හඬ මැදින් තරඟය ආරම්භ විය.  

වෙනස් නොවූ දයා

දයාසිරි ජයසේකර ගායකයෙකු ලෙස වරෙක අපට මුණගැසුනේ 'මෙගා ස්ටාර්' නම් රූපවාහිනී රියැලිටි වැඩසටකිනි. එහිදී ඔහු සිය ප්‍රසාංගික හැකියාව මනාව විදහා පෙන්වූවා අපට මතකය. පසුව ඔහු සිය ' ඔයා හුඟාක් වෙනස් වෙලා' ගීතය සහ මියුසික් වීඩියෝව එළිදක්වමින් ගායන මෙන් ම රංගන හැකියාව ද විදහා ලූයේය. කෙසේ වෙතත් පාසැල් වියේ පටන් ක්‍රීඩකයකු වූ සහ තරුණ දේශපාලඥයකු වන ඔහුට ක්‍රීඩා අමාතංශය භාර කෙරෙන විට සමස්තයක් ලෙස ලාංකීය ක්‍රීඩාලෝලීන්ට ඇති වුණේ අනාගතය පිළිබඳව සුභවාදී හැඟීම් ය.

ජැමෙයිකානු හීසැරය නවතී...!

ජැමෙයිකානු හීසැරය යන විරුධාවලිය ලත් ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිත රියෝ ද ජෙනයිරෝ ඔලිම්පික් උළෙල තමන් සහභාගි වන අවසන් අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වනු ඇති බව පවසා තිබේ.