Monday, March 28, 2016

ජැමෙයිකානු හීසැරය නවතී...!

ජැමෙයිකානු හීසැරය යන විරුධාවලිය ලත් ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිත රියෝ ද ජෙනයිරෝ ඔලිම්පික් උළෙල තමන් සහභාගි වන අවසන් අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වනු ඇති බව පවසා තිබේ.


තම අනුග‍්‍රාහකයා කල ඉල්ලීමකට අනුව තවත් වසරක් ඉදිරියට ක්‍රීඩා කරන බෝල්ට්ගේ ක්‍රීඩා දිවියේ අවසන් ක්‍රීඩා උළෙල 2017 වසරේ පැවැත්වෙන ලන්ඩන් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය වනු ඇත.

එහිදී මීටර 100 ඉසව්වට පමණක් ඉදිරිපත් වීමට ඔහු අදහස් කොට ගෙන ඇති අතර සමු ගැනීම ජයග‍්‍රහණයකින් අවසන් කිරීම තම එකම අරමුණ බවද සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගි වෙමින් පවසා තිබේ.
තමන්ගේ ලොකුම සිහිනය යළිත් වතාවක් ඔලිම්පික්හිදී  රන් පදක්කම් තුනක් දිනා ගැනීම බව පවසන බෝල්ට්  ඔලිම්පික් තරගාවලිවලදී මීටර් 100 සහ 200 කෙටි දුර ධාවන තරග සඳහා පිට පිට රන් පදක්කම් දිනා ගත්තේය.  ඔහු මේ වන විට දිනා ඇති ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාව 6කි.


විශිෂ්ටතම ජාත්‍යන්තර මලල ක්‍රීඩකයා සඳහා වන  එප්සි සම්මානයත් විශිෂ්ටතම විදේශීය ක්‍රීඩක සම්මානයත් දිනාගැනීමට බෝල්ට් සමත්විය. 1986 අගෝස්තු 21 වන දා උපත ලැබූ උසේන් බෝල්ට් තවමත් 29 හැවිරිදි වියේ පසුවෙයි.

No comments:

Post a Comment