Monday, March 28, 2016

දයාසිරි ට ‍ෆිට්නස් නැතිවුන් ලෝකය ජයගත්තේය.

කොළඹ හොකී සහ පාපන්දු ක්‍රීඩා සමාජය CH &FC)  සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික සය සාමාජික (6 A side)හොකි තරගාලවියට සහභාගී වී එහි සමස්ථ සූරතාවය ( Overall championship) හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රි ලංකාවේ ජාතික හෝ  යම් ක්‍රීඩා සමාජයක හෝ ජාත්‍යන්තර කුසලානය ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙයි.


පසුගිය මාර්තු  6 දින  පැවැති මෙමතරගාවලියේදී CH & FC) කණ්ඩයම සමන්ග අවසන් මහ තරගය සඳහා තරගවැදුනේ සිංගපූරුවේ රීක්‍රියෙෂන් ක්‍රීඩාසමාජ කන්ඩායමය. මෙම තරගාවලිය  ඕස්ට්‍රේලියාව නියොජනය කරමින් ක්‍රීඩාසමාජ 19 ක් හොංකො හි කණ්ඩායම් 3ක් ද, ජපානයෙන් 5ක් ද ,එංගලන්තයෙන් කණ්ඩායමක්ද ,ඉන්දුනීසියාවෙන් කණ්ඩායම2ක්ද ,තායිලන්තයෙන් කණ්ඩායමක්ද ,සිංගප්පුරුවෙන් කණ්ඩායම් 6ක්ද නෙදර්ලන්තයෙන් 2 සහ ශ්‍රී ලංකාවෙන්  මෙම ජයග්‍රාහී කන්ඩයම සමන්ග කොළම ජිම්කානා ක්‍රීඩාසමාජය ද ඉදිරිපත්විය. බඳුන(Bowl) අංශය යටතේවූ තරගාවලියේ  ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ ඇති විශේෂත්වය නම් මෙම තරගාවලිය ට සහභාගිවන සියලු ක්‍රීඩකයන්  අන්තර්ජාතික තරගවලට සහබාගීවී පලපුරුදු ක්‍රීඩකයන්  පමනක් වීමය
ඒ කෙසේ නමුත් මෙම තරග ජයග්‍රහනය මෙරට මාධ්‍යයන්ට වඩා වැ‍ෙගත් වූයේ නැත. මන්ද මෙම කන්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන්ගේන් වඩි දෙනා පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උලෙල නියොජනය කල ජාතික කන්ඩායමෙන් පන්නා දැමු ක්‍රීඩකයන් වීමය. ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන් අති බහුතරය යනු ඇමැතිගේ  සහ සංගම්වල වරප්‍රසාදයන්ට යටවුණ හොරි කසන්නන්ය. ඒ නිස මේ ක්‍රීඩාවේ පවතින ක්‍රීඩාමය නොවන කුප්පකම් හෙලිවන්නේ නැත.

 හොකි පරිපාලනය ක්‍රීඩා අමතයංශය විසින් පවරා ගන්න්ට පෙර පැවැති නියොජය පොලිස්පති සුමිත් එදිරිංහගේ ඝ්‍රහණයට හසුව තිබූ හොකී සම්මේලනයේ නිලධාරෙන් හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර අතර වූ අවබෝධය මත මේ ක්‍රීඩකයන්ට සාර් ක්‍රීඩා කිරීමේ අවස්තාව ලබා නොදෙන ලදී. ඊට කිසිදු සාධාරණ හේතුවක් තිබුණේ නෙත. ක්‍රීඩා ඇමැතිට අනුව මේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය තිබුණෙ නැත. නමුත් ඒ පරික්ක්ෂා කළේ කෙසේ දැයි දන්නේ දයාසිරිම පමණි. එහෙත් අප දන්නා පරිදි ප්‍රධාන ගැටලුව වුයේ පැවැති හොකී පරිපාලනයගේ අක්‍රමිකතා වලට එරෙහිව මෙම ක්‍රීඩකයන් හඬ නැගීමය.

 මෙම සිංගප්පූරු තරග ජයග්‍රහ්නය ගෙන ආ CH & FC කණ්ඩයමට නායකතවය දුන් දීලුක වීරසූරිය සාර්ග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ජතික කන්ඩයමට නායකත්වය දිය යුතුව තිබු වඩාත්ම පලපුරුදු ක්‍රීඩකයා වූවද ක්‍රීඩා ඇමතිවරයා ඔහුට අවස්ථාව දුනේ නැත. සාර්ග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රි ලංකාවට කිසිදු පදක්කම හිමිවුයේ නැත.එමෙන්ම  පසුගිය පෙබරවරි මස අවසනයේ පැවැති ශ්‍රි ලංක හොකී සම්මෙලනයේ 60 වන සංවත්සරය වෙනුවෙන් පැවැති අන්තර් සමාජීය  නව සමාජික ( 9 A side) තරගාවලියේද ශුරතාවය දිනා ගන්නා ලද්දේ දිලූකගේ නායකත්වයෙන් යුතුඉ CH & FC ක්‍රීඩා සමාජයයි.

එමෙන්ම උප නායකයා ලෙස කටයුතු කල යුතුව තිබූ උපුල් දනුෂ්ක ප්‍රනාන්දු ට එම අවස්ථාව දුන්නේ නැත තවමත් තරුන වියේ සිටින දක්ෂ ක්‍රීඩකයකු වූ ඔහුව 2013 වසරේ සිටම ජාතික කණ්ඩායමේ අවස්තාව ලබ නොදීමට  සම්මේලනයේ නිලධාරීන් කටයුතු කළේය. එමෙන්ම මිලින්ද සපුගස්ගොඩ, විමර්ශන දිසානායක නම් ක්‍රීඩකයාටද දකුණු ආසියානු ක්‍රීඩා උලෙලෙලේ දොර‍ටු වසිනි. මෙම කණ්ඩායම නියොජනය කල සෙසු ක්‍රීඩකයන් වන්නේ හරිත් වීරවර්ධන වෙනුක බණ්ඩාර ය කලමනාකරු ලෙස අශොක පීරිස් සම්බන්ධ විය.

පැවැති  ශ්‍රි ලංක හොකී සම්මේලනය මුලුමනින්ම පාහේ නතුවී තිබුනේ රාජය සේවා ක්‍රීඩා සමාජ නියොජනය කල නිළධාරීන්ටය. වෙළඳ සේවා නියොජනය කරන ක්‍රීඩා සමාජ කිසිවකුට ඔවුන්ගේ අනුග්‍රහය ලැබුණේ නැත. දිලූක ඇතිතු කන්ඩායම් වෙලඳසේවා ක්‍රීඩා සමාජ නියොජනය කරන්නන්වීමද ඔවුන්ට අවස්තාව නොලැබීයාම කෙරෙහි බලපා තිබේ.  මේ ක්‍රීඩාවේ වර්ගවදයයි. 

No comments:

Post a Comment