news

ශ‍්‍රී ලංකා, නවසීලන්ත ඉදිරි තරග පල්ලෙකැලේට
 සංචාරක නවසීලන්ත පිල සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ නොවැම්බර් 04 වැනිදා සහ 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ දෙවන සහ තුන්වන එක්දින තරග දෙක පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනය වෙත මාරු කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත.
කොළඹ ක්‍රිකට් පිටි තෙතබරිතව පැවතීම මේ සදහා හේතුව ලෙස දක්වා ඇත.
කෙසේවුවද, පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය ද වර්ෂාව නිසා පැවැත්වීමට නොහැකිවිය.

1 comment:

  1. මේසපන්දු තරගාවලිය අද

    බස්නාහිර පළාත් විවෘත ශ්‍රේණිගත මේසපන්දු තරගාවලිය අද (03) සහ හෙට (04) දෙදින තුළ ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

    තෙවැනි වරටත් පවත්වනු ලබන මෙම තරගාවලිය අයි ඇන්ඩ් ඩී මේස පන්දු පුහුණු පාසල් මගින් සංවිධානය කරනු ලබයි.

    මෙවර මෙම තරගාවලියේදී වයස් කාණ්ඩ 08, 10, 12, 15,සහ 18 න් පහළ බාලක බාලිකා වශයෙන් තරග පැවැත්වේ.

    ඒ සදහා මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 635ක් පමණ සහභාගි වෙතැයි සංවිධායකයෝ පවසති.

    එමෙන්ම සියලුම තරගකරුවන් සඳහා සහතිකපත් සහ ත්‍යාග වවුචර පිරිනැමීමට එම සංගමය කටයුතු සූදානම් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේස පන්දු තරගාවලි අතර ඉතා ඉහළ මට්ටමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සැළකේ.

    ReplyDelete