Sunday, December 2, 2012

ජාතික ක්‍රීඩා උළෙල හිමාෂට තහනම්



ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රීඩකයා වන කෙටිදුර ධාවක  හිමාෂ ඒෂාන්හට ඊයේ නිමාවූ  ජාතික ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවිය.
ඒ ඔහු මේ වන විට තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්ව තිබීම හේතුවෙනි.
පසුගියදා නිමා වූ ජාතික ක්‍රීඩා ශූරතාවලියෙන් පසුව සිදුකරනු ලැබූ මුතා නියැදි පරීක්ෂාවට අනුව හිමාෂගේ මුත්‍රා සාම්පල වල තහනම් උත්තේජන සංඝඨක තිබී ඇතැයි  අනාවරණය  වී තිබේ.
කෙසේවෙතත් මීටර් 100 ඉසව්ව නියෝජනය කළ හිමාෂ මෙම ඉසව්වේ ජාතික ක්‍රීඩකයින් පරදා  තත්පර 10.50 නිමා කිරීමට සමත්විය.
තවමත් 17 වැනි වියෙහි පසුවන ඔහු කළුතර විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

No comments:

Post a Comment